රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේදී, අපගේ සේවාවන් සම්බන්ධයෙන් අප වෙත පවරා ඇති වගකීමේ වැදගත්කම අපි හඳුනා ගනිමු. අපගේ බොහෝ කාර්යයන් සඳහා රුපියල් මිලියන ගණනක් සම්බන්ධ වන අතර එබැවින් අපගේ සේවාදායකයින්ට අපගේ සේවාවන් ඉතා නිරවද්‍යතාවයෙන් ලබා දීමට අපි දැඩි අවධානයක් යොමු කරමු. තක්සේරු දෙපාර්තමේන්තුවේ සිටින සෑම කෙනෙකුම අපගේ දැක්ම සහ මෙහෙවර යන දෙකෙහිම සම්පූර්ණ අරුත වටහාගෙන ඇති අතර එබැවින් ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු උත්සාහයන් යොමු කෙරේ.
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ කේෂ්ත්‍රයේ දියුණුවට සමගාමීව අපගේ සේවාවන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගෙන යාම සහ වෘත්තීයභාවය පවත්වා ගැනීම අපේක්ෂා කරන හෙයින්, තක්සේරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය e-රාජ්‍ය ප්‍රතිපත්තියට හා අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීම වඩාත් සුදුසුය.
දේපල තක්සේරු කිරීම, අනිවාර්ය අත්පත් කර ගැනීම් සඳහා වන්දි ගෙවීම සහ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන වෙනත් සේවාවන් පිළිබඳ නෛතික අංශ පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට මේ තුළින් අපි අපේක්ෂා කරමු.
ඒ.එස්.ඩබ්.කේ. නානායක්කාර
රජයේ ප්‍රධාන තක්සේරුකරු