වර්ෂ 1815 දී මෙරට පුරා ව්‍යාප්තව ස්ථාපිත වූ බ්රිතාන්යයීය පාලනය රටේ ඉඩම් අයිතිය, ඉඩම් පරිහරණය සහ ඉඩම් හිමිකාරිත්වය යන විෂයන්හි වෙනස්කම් ඇති කෙරිණි.
1863 අංක 2 දරණ ආඥා පනත මඟින් පොදු පරිහරණය පිණිස පුද්ගලික ඉඩම්වල සන්තකය ලබා ගැනීමටත්, ඉඩම් මැන සමීක්ෂණය කර තක්සේරු කිරීමටත් කිරීටයට හැකි වන්නා වූ නීතිමය හිමිකම් ඇති කෙරිණි. රජයේ දේපළ වල වාර්ෂික තක්සේරුවක් කිරීමටත්, නාගරික ප්‍රදේශවල පිහිටි නිශ්චල දේපළ තක්සේරු කිරීමටත්, ඉඩම් වලට අදාළ වෙනත් තක්සේරු කටයුතු කිරීමටත් 1921 ජූනි මස 1 වන දින පළාත් පාලන මණ්ඩලයක් පිහිටුවන ලදි.
පසුව 1921 ජූනි මස 01 වන දින පළාත් පාලන මණ්ඩලයක් පිහිටුවමින් රජයේ දේපලවල වාර්ෂික තක්සේරුවක් කිරීමටත් නාගරික ප්‍රදේශවල පිහිටි නිශ්චල දේපල තක්සේරු කිරීමටත් ඉඩම්වලට අදාළ වෙනත් තක්සේරු කිරීමටත් අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා. රජයේ තක්සේරුකරු තනතුර සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා වූ ප්‍රතිපාදන පළාත් පාලන මණ්ඩලය යටතේ වෙන් කරන ලද අතර කිරීටය සතු දේපළ තක්සේරු කිරීම, බූදල් බදු සඳහා තක්සේරු කිරීම සහ ප්‍රාදේශීය බල මණ්ඩලවලට අයත් ඉඩම් අත්පත් කර ගැනීම හා ඒවායේ අගය තක්සේරු කිරීම යනාදී කාර්යයන් භාරව කටයුතු කරනු පිණිස රජයේ තක්සේරුකරු තනතුර 1923 වර්ෂයේ දී ඇති කරන ලදි.
රජයේ තක්සේරුකරු පත් කිරීමත් සමඟ, තක්සේරුකරණයේ ආකාරය සහ අන්තර්ගතය සිවිල් සේවා පරිපාලන තක්සේරුකරණයේ සිට වෘත්තීය තක්සේරුවක් දක්වා වෙනස් විය. වැඩ පරිමාව වැඩිවීමත් සමඟ 1926 දී රජයේ සහකාර තක්සේරුකරුවෙකු පත් කරන ලදී.
දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරය සමඟ ඒකාබද්ධ කිරීම සහ මහා භාණ්ඩාගාරයේ තක්සේරු අංශය නිර්මාණය කිරීම සහ තක්සේරුකරුගේ තනතුර රජයේ තක්සේරුකරු ලෙස වෙනස් කිරීම 1933 ඔක්තෝබර් 01 දී සිදුකරන ලදි.
1932 මාර්තු මාසයේදී සාමාන්‍ය භාණ්ඩාගාරයේ තක්සේරු අංශය භාරව රජයේ තක්සේරුකරු / තක්සේරුකරු ලෙස ජේ. ජී. මෝර්ලි මහතා පත් කරන ලද අතර, 1933 ඔක්තෝබර් 18 දින සිට ඒ. ජී. බී. විටේකර් මහතා පත් කරන ලදී.
වර්ෂ 1939 දී, භාණ්ඩාගාරයේ තක්සේරු අංශය සහ පළාත් පාලන තක්සේරුකරුවන්ගේ දෙපාර්තමේන්තුව යනුවෙන් වූ ආයතන දෙකක් රජය වෙනුවෙන් තක්සේරු කටයුතු වල නිරතව සිටියේ ය. වියදම් කපා හැරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස ඉහත සඳහන් ඒකක දෙක ඒකාබද්ධ කර අභිනව දෙපාර්තමේන්තුවක් යටතේ එක් නිලධරයෙකු භාරයේ තැබීමට තීරණය කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 1939 ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන තක්සේරුකරු ලෙස කපිතාන් ඊ.ජී. ඊස්ට්මන් මහතා පත් කරනු ලැබිණි.
දෙපාර්තමේන්තුවේ කටයුතු ‘සාමාන්‍ය තක්සේරු අංශය’ සහ ‘වරිපනම් තක්සේරු අංශය’ ලෙස අංශ දෙකක් පිහිටුවා ඇති අතර සෑම අංශයක්ම සහකාර තක්සේරුකරුවෙකු භාරව කටයුතු කර ඇත. කපිතාන් ඊ. ජී. ඊස්ට්මන් මහතා 1946 ජුනි 30 වන දින ප්‍රධාන තක්සේරුකරු ධුරයෙන් ඉවත් වූ අතර සී. ස්ටීවර්ඩ් ඔර් මහතා ප්‍රධාන තක්සේරුකරු ලෙස පත් කරන ලදී.
ස්ටීවර්ඩ් ඔර් මහතා ඉල්ලා අස්වීමෙන් පසු, 1948 පෙබරවාරි 01 දින ලාංකික පලමු ප්‍රධාන තක්සේරුකරු ලෙස පී.එච්.වික්‍රමසිංහ මහතා පත්විය. තක්සේරු ක්ෂේත්රයේ වෘත්තීයභාවය සැලකිල්ලට ගනිමින් ඔහුගේ පාලන කාලය තුළ ‘තක්සේරුකරණ ඩිප්ලෝමාව’, ලංකා කාර්මික විද්‍යාලයේ ආරම්භ විය.
මහාචාර්ය කැල්ඩෝගේ උපදෙස් පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ‘ධන බද්ද’ හඳුන්වාදීමත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ පෙට්‍රල් පිරවුම්හල් භාර ගැනීමත් සමඟ දෙපාර්තමේන්තුවට විශාල වැඩ බරක් ඇති වූ අතර කාර්ය මණ්ඩලය 1948 දී 83 සිට 1967 දී 222 දක්වා වැඩි කිරීමත් සමඟම එය සාර්ථකව නිම කිරිමට උපකාරී විය.
ප්‍රධාන තක්සේරුකරු තනතුරට ඩී.පී.පී.අබේගුණවර්ධන මහතා පත් කිරීම 1967 දී සිදුකරන ලද අතර, දෙපාර්තමේන්තුවේ ප්‍රගති පාලන ක්‍රමය ඔහු විසින් ප්‍රථම වරට හඳුන්වා දෙන ලද අතර, සිංහල මාධ්‍යයේ තාක්ෂණික ඩිප්ලෝමාව තක්සේරු පාඨමාලාව ලංකා කාර්මික විද්‍යාලයෙන් ආරම්භ විය. 1970 මහ මැතිවරණයෙන් පසු ඉඩම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ තක්සේරු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය යටතට පත් කරන ලදී.
අබේගුණවර්ධන මහතා 1971 දී ප්‍රධාන තක්සේරුකරු තනතුරෙන් විශ්‍රාම ගත් අතර කේ.එස්.පී.ඩී.ප්‍රනාන්දු මහතා පත් කරන තෙක් කෙටි කාලයක් සඳහා ප්‍රධාන තක්සේරුකරු ලෙස කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එල්. ඕ.ද.සිල්වා මහතාට භාර දීමෙන් පසුව ප්‍රධාන තක්සේරුකරු ලෙස කේ.එස්.පී.ඩී.ප්‍රනාන්දු මහතා 1974 අගෝස්තු 1 වන දින පත්කරන ලදි.
1974 දී දෙපාර්තමේන්තුව සිය කාර්යාලය තැනින් තැනට මාරු කිරීම නැවැත්වූ අතර අංක 748, මරදාන පාර, කොළඹ 10 හි පිහිටුවා ඇති “තක්සේරු මන්දිරය” තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය බවට පත්විය.